මෙම විකල්ප බලශක්ති වැඩසටහන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයෙහි මාර්ගෝපදේශකත්වයෙන් 1995 වසරේදී ආරම්ඵ කරනු ලැබිණි. ශ්‍රි ලංකාවේ උචිත පරදි බලශක්ති උත්පාදනයෙහි විකල්ප ක්‍රමෝපායන් වැඩි දියුණු කිරීම පිළිබඳ පර්යේෂණ පැවැත්වීම මෙම වැඩසටහනෙහි මූලික කාර්යය වේ. ජීව වායු උත්පාදනය සඳහා හලාවත අත්මල්කරාව සහ නුවර දිගන යන ප්‍රදේශ වල ගවපට්ටි ආශ්‍රීතව ග්ලිරීසීඩියා බලශක්ති වගා ඉඩම් ආදර්ශක දෙකක් පිහිටුවන ලදී. පහත සඳහන් කර්මාන්තයක් සඳහා දර ඉන්ධන සැපයීමට ග්ලිරිසීඩියා බලශක්ති වගාව ප්‍රවර්ධනය කරන ලදී. කොට්ටාව - ( ඩිප්ඩි ප්‍රඩක්ට්ස් ලිමිටඩ්) වලපනේ - ( ලංකා ට්‍රාන්ස්පෝමර්ස් ලිමිටඩ්) මාදම්පේ - (හාර්කාර්බ් ලිමිටඩ් හා ලිග්නොසෙල් ලිමිටඩ්) බඩල්ගම - (රෙකොපේන් ලිමිටඩ්) ගම්පොල - (ඩීන්සයිඩ් තේ කර්මාන්ත ශාලාව) හොරණ - ( ඉනෙර්පැබ් ලිමිටඩ්) දිගන - (ඉනෙර්පැබ් ලිමිටඩ්) පෞද්ගලික අංශය මගින් පහත සඳහන් බලශක්ති උත්පාදන පහසුකම් පිහිටුවීමේ කටයුතු ආරම්භ කරන ලදී. හම්බන්තොට ප්‍රදේශයේ 5MV ප්‍රමාණයේ විදුලි ධාරිතාවක් උත්පාදනය කෙරෙන ග්ලීරිසීඩියා ජෛව ස්කන්ධ බලාගාර තුනක්, ඇඹිලිපිටිය A1MV ප්‍රමාණයේ විදුලි ධාරිතාවක් උත්පාදනය කෙරෙන ජෛව ස්කන්ධ බලාගාරය, පොළොන්නරුවෙහි A3MV ප්‍රමාණයේ විදුලි ධාරිතාවක් උත්පාදනය කෙරෙන දහයියා දහන බලාගාරය, දෙහිඅත්තකණ්ඩිය A2x3MV ප්‍රමාණයේ විදුලි ධාරිතාවක් උත්පාදනය කෙරෙන දහයියා/ ග්ලිරිසීඩියා ජෛව ස්කන්ධ බලාගාරය, තුල්හිරිය ප්‍රදේශයෙහි A5MV ප්‍රමාණයේ විදුලි ධාරිතාවක් උත්පාදනය කෙරෙන ජෛව ස්කන්ධ (ග්ලිරිසීඩියා ) බලාගාරය, ප්‍රවාහන අංශයට විකල්ප ඉන්ධන වැඩි දියුණු කිරීමට තාක්ෂණ ආර්ථික අධ්‍යනයන් ආරම්භ කරන ලදී. සීනි කර්මාන්තයේ උක් සීනීවල මොලෑසස් භාවිතා කෙරෙමින් ජීව එතනෝල් නිෂ්පාදනය වැටඑඩරු වැනි එළවළු තෙල් මගින් ජීව ඩීසල් නිෂ්පාදනය කෘෂි අවශේෂ ජීර්ණය මගින් ජීව මෙතනෝල් නිෂ්පාදනය

|