මාර්තු මස 29 වන දින විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ වෙබ් අඩවිය ගරු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරන මැතිතුමා විසින් විවෘත කරනු ලැබේ

  << Back

ගැමා විකිරණාගාය පිහිටුවීම - අමාත්‍යාංශය සහ අන්තර්ජාතික පරමාණු අධිකාරිය ඒකාබද්ධව ගැමා විකිරණාගාරය පිහිටුවීම උදෙසා මූලික කටයුතු සිදු කරන ලදී. ගොඩනැගිලි ඉදිකිරීම සහ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම උදෙසා ටෙන්ඩර් මණ්ඩලය සහ තාක්ෂණික ඇගයීම් කමිටුව පත් කරනු ලැබිණි.

නැනෝ තාක්ෂණික මධ්‍යස්ථා‍න‍යක් පිහිටුවීම - නැනෝ තාක්ෂණික මධ්‍යස්ථා‍න‍යක් පිහිටුවීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත් අතර මෙම මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමට වැඩමුළුවක් පවත්වන ලදී, නිතිනි විද්‍යාව ( නැනෝ තාක්ෂණය) පිළිබඳව පිටරට සිටින ශ්‍රී ලාංකීක විද්‍යාඥයින් හා දේශීය විද්‍යාඥයින් සමග එක්ව කටයුතු කරමින් සිටී.

ආසාත්මීකතාව සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටුවීම

ආසාත්මීකතාව සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

තාක්ෂණික ඉන්කියුබේටර් පිහිටුවීම - ව්‍යවසායකත්වය වැඩි දියුණු වෙමින් පවතින ප්‍රදේශයන් වන මොණරාගල, වීරකැටිය සහ මාවනැල්ල ප්‍රදේශයන්හි ඉන්කියුබේටර තුනක් පිහිටුවීම සඳහා‍ තෝරා ගනු ලැබ ඇත. ( WAITRO මැලේසියා උපදේශකත්වය යටතේ මෙම කර්මාන්තයන්හි නිරතවීම සඳහා පහසුකම් සපයනු ලැබේ.)

සුප්‍රසිද්ධ විද්‍යාඥයින්ගේ සේවය ලබා ගැනීමේ වැඩසටහන

ස්වීඩනයේ ලුලෙයා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජේ. ඩී. ඒ අබේසේකර මහතා 2006 ජනවාරි 25 වන දින සිට මාර්තු 25 දක්වා සේවාස්ථ පරිසරය කාර්යක්ෂම කිරීමේ අධ්‍යනය තුලින් පහත සඳහන් සේවාවන් සිදු කරන ලදී.

කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනයේ කෘෂි කාර්යක්ෂමතා අධ්‍යයන දෙපාර්තමේන්තුවේ උපාධිධාරීවන් සහ උපාධි අපේක්ෂකයින් සඳහා කෘෂිකර්මාන්තයේදී කාර්යක්ෂමකා අධ්‍යයව මූලධර්ම පිළිබඳව පැය 03 ක දේශන පවත්වන ලදී.

තවකැලේ තේ පර්යේෂණ ආයතනයේ තාක්ෂණ නිලධා‍රීන් සහ කළමනාකරුවන්හට තේකොල කැඩිම, තේකොල අධ්‍යයන ක්‍රම පිළිබඳ සමුළුවක් පවත්වන ලදී,

කෘෂකර්ම පශ්චාත් උපාධි ආයතනයෙහි කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් උදෙසා පරිගණක කාර්යක්ෂමතා අධ්‍යනය පිළිබඳ සමුළුවක් පවත්වන ලදී.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ කාර්යක්ෂමතා අධ්‍යයනය පිළිබඳ ව්‍යාපෘති වාර්තාවක් සකස් කරන ලදී.

කාර්යක්ෂමතා අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි අපේක්ෂකයින්හට උපදේශක පඑසුකම් ලබා දෙන ලදී.

සුළු අපනයන බෝග තෙල් නිස්සාරණ ඒකක පිහිටුවීම

කාර්මික කාක්ෂණ ආයතනයේ තාක්ෂණික ආධාර ඇතිව, මල්වාන දකුණ, යටපාන, සහ කෑගල්ල යන ප්‍රදේශයන්හි මෙම ඒකක පිහිටවනු ලැබ ඇත. සැලකිය යුතු ආදායමක් උපයා ගැනීම සඳහා වගා කරනු ලබන කෑගල්ල සහ මහනුවර ප්‍රදේශයන්හි ගොවීන් සඳහා මෙම ඒකකය මගින් අවස්ථාව ලබාදී ඇත.

මෙම ඒකකය තුල දිනකට සාදික්ක, ගම්මිරිස්, කුරුඳු, පැගිරි කිලෝග්‍රෑම් 200 සැකසීමේ ධ‍ාරිතාවක් ඇත. මෙමගින් විවිධ ‍ෙඖෂධ, කෝලෝන්, රසායනික සහ ප්‍රතිබැක්ටීරියා නිෂ්පාදනය සඳහා ප්‍රයෝජනයට ගත හැකි උසස් තත්ත්වයේ සගන්ධ තෙල් නිස්සාරණය කෙරේ.

විදේශීය වෙළඳපොල අරමුණු කර ගනිමින් මෙම ඒකකයෙන් නිෂ්පාදනය කරන ස්කන්ධ තෙල් මනා නිෂ්පාදන ක්‍රියාවලියක් මට්ටම උසස් කිරිම සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ප්‍රමිති සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හා එක්ව ක්‍රියා කරයි.

ආයතනය

අරමුණ

වෙනකල මුදල

ජාතික විද්‍යා අධ්‍යයන ආයතනය

සමුළු / සාකච්ජා, ප්‍රකාශන සහ අන්තර්ජාල සම්බන්ධතාව නඩත්ත් කිරීම

 

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය

ඉංජිනේරු වැඩ ප්‍රතිශක්තිකරණ 2006 නව වසරේ කණිෂ්ඨ නව නිපැයුම්කරු, වෘත්තීය සංවර්ධන වැඩසටහන් අඛණ්ඩව පවත්වා ගෙන යාම

 

රසායනික විද්‍යා ආයතනය

වැඩමුළු සහ පුහුණු වැඩසටහන්, අන්තර් පාසල් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්, නිබන්ධන ප්‍රකාශයට පත් කිරිම, සහ රසායනික විද්‍යාව පිළිබඳ පරීක්ෂණාලාර තාක්ෂණ ඩිප්ලෝමාව 

ශ්‍රී ලංකා ආසාත්මිකතා සහ ප්‍රතිශක්තිකරණ සමාජය

වෘත්තිය අධ්‍යාපනික දේශනමාලා, වෛද්‍යවරුන් සඳහා ප්‍රතිශක්තිකරණ පාඨමාලා, ද්විවාර්ෂික අධ්‍යයන සැසි අඛණ්ඩව සිදු කිරිම 

විද්‍යාභිවර්ධන සංගමය

වාර්ෂික ප්‍රකාශන, අන්තර් දිස්ත්‍රික් ප්‍රශ්න විචාරාත්මක තරග, වැඩමුළු, ප්‍රදාන, පවත්වන ලදී. 

ජීව විද්‍යා ආයතන

වැඩමුළු, දේශන, පුහුණු වැඩසටහන් සහ වාර්ෂික සැසි පවත්වන ලදී. 

භෞතික විද්‍යා ආයතනය

පුහුණු සහ වැඩමුළු පැවැත්වීම, දේශණ පැවැත්වීම, සහ ප්‍රකාශන සිදු කිරිම 

Hits on this page- 19897                     Last Modified - 09/12/