මාර්තු මස 29 වන දින විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ වෙබ් අඩවිය ගරු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරන මැතිතුමා විසින් විවෘත කරනු ලැබේ

     
<< Back

2005 දී ඇරඹී විදාතා වැඩසටහන 2006 වසරේදීද අඛණ්ඩව ක්‍රියාත්මක විණි. එහි ව්‍යාපෘති කාලය වන්නේ 2005 වසරේ සිට ඉදිරියට වසර 03 ක කාලයකි. ග්‍රාමීය ප්‍ර‍දේශයන්හි දුගී බව තුරන් කිරීම සහ රැකියා අවස්ථාවන් ඇති කිරීමේ අරමුණින් විදාතා සම්පත් මධ්‍යස්ථාන හරහා ග්‍රාමීය ප්‍රදේශයන්ට තාක්ෂණයන් හුවමාරු කිරීම මෙම වැඩසටහනෙහි අරමුණයි. ගමට තාක්ෂණය ව්‍යාප්ත කිරීම සදහා වන , විදාතා වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් සියළු ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයන් ආවරණය කරමින් විදාතා සම්පත් මධ්‍යස්ථාන 352 ක් ස්ථාපනය කිරීම ඉලක්ක කොට ඇත.

මෙම වැඩසටහන යටතේ 2006 ජනවාරි මස සිට අගෝස්තු මස දක්වා පහත ක්‍රියාකාරකම් සම්පූර්ණ කොට ඇත.

විදාතා මධ්‍යස්ථාන පිහිටුවීම

සෑම විදාතා සම්පත් මධ්‍යස්ථානයක් සඳහාම 2 5 දක්වා පරිගණකද අන්තර්ජාල සහ විද්‍යුත් තැපෑල සම්බන්ධතාවයද, එළවළු වියලන යන්ත්‍රය, බේකරි උඳුන, පොල්තෙල් සිඳින යන්ත්‍රය, පොල්ලෙලි ගැසීමේ යන්ත්‍රය, යෝගට් ඉන්කියුබේටරය සහ දර වායු උඳුනක් බැගින් ලබා දී ඇත.

සෑම මධ්‍යස්ථානයක් සඳහාම මෝටර් සයිකලයක් බැගින් ලබා දීමට කටයුතු යොදා ඇති අතර මේ සඳහා ආරම්භයක් ලෙස මෝටර් සයිකල් 50 ක් බෙදා දී ඇත.

දිස්ත්‍රික්ක

විවෘත කර ඇති මුළු විදාතා සම්පත් මධ්‍යස්ථාන ගණන - 2006 සැප්තැම්බර් දක්වා

විදාතා සම්පත් මධ්‍යස්ථාන සංඛ්‍යාව ( 2006 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ස්ථාපනය කරන ලද) 

ගම්පහ

11

08

කළුතර

12

03

රත්නපුර

10

06

අම්පාර

07

06

මාතර

12

10

පොළොන්නරු

02

02

ගාල්ල

13

06

හම්බන්තොට

12

05

නුවරඑළිය

01

01

නුවර

13

05

කොළඹ

04

01

බදුල්ල

06

03

යාපනය

01

01

පුත්තලම

04

02

අනුරාධපුරය

10

04

කුරුණෑගල

10

02

මාතලේ

07

04

කෑගල්ල

11

-

මොනරාගල

02

-

මකඩලපුව

02

-

මන්නාරම

01

-

මුළුගණන

149

69

Hits on this page- 19897                     Last Modified - 09/12/