මාර්තු මස 29 වන දින විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ වෙබ් අඩවිය ගරු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරන මැතිතුමා විසින් විවෘත කරනු ලැබේ

     
<< Back

විදාතා හා තාක්ෂණ අමාත්‍යාංශයේ විදාතා වැඩසටහන යටතේ, තාක්ෂණ හුවමාරු ඒකකය මගින් ගමට තාක්ෂණය යන ‍ෙත්මාව යට‍තේ තාක්ෂණ හුවමාරු වැඩසටහන් 394 ක් පවත්වා ඇත.

කාර්මික තාක්ෂණ ආයතන විසින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 120 ක් ආවරණය වන පරිදි වැඩමුළු 203 ක් පවත්වා ඇත. එමගින් ප්‍රතිලාභීන් 2465 දෙනෙකුට නව තාක්ෂණයන් හඳුන්වා දී ඇත. මෙම නව තාක්ෂණයන් සඳහා බේකරි නිෂ්පාදන, කජු නිෂ්පාදන, සහල් මත පදනම් වු නිෂ්පාදන, යෝගට් නිෂ්පාදන, එළවළු සහ පළතුරු වියළීම. කිතුල් මැදීමේ නව තාක්ෂණය හා කුඩු නොහැලෙන හුණු කුරු නිෂ්පාදනය ආදිය ඇතුලත් වේ.

ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය මගින් සංවර්ධනය කරන ලද නව තාක්ෂණ‍යන් වන ජීව වායු නිෂ්පාදනය, අඩු වියදම් නිවාස ඉදි කිරීමේ තාක්ෂණය සහ පෙරසවි උපාංග නිෂ්පාදනයත සිමෙන්ති සහ පස්ගල් සහ සුදුපොල්තෙල් නිෂ්පාදනය යනාදිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 37 ක ප්‍රතිලාභීන් 1705 දෙනෙකුට වැඩසටහන් 57 ක් පැවැත්වී‍ම මගින් හඳුන්වා දී ඇත.

ආතර් සී. ක්ලාක් ආයතනය විසින් ප්‍රතිලාභීන් 386 දෙනෙකු සඳහා ඇන්ටනා නිර්මාණය, පරිගණක දෘඩාංග, විදුලිසැර වැදීම වැළැක්වීම, ජංගම දුරකථන අළුත්වැඩියාව, ප්‍රායෝගික ඉලෙක්ට්‍රෝනික පාඨමාලාව සහ ගුවන්විදුලි යන්ත්‍ර සහ රූපවාහිනි යන්ත්‍ර අළුත්වැඩියාව යන තාක්ෂණයන් පැවරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 60ක් ආවරණය කරමින් වැඩමුළු 16 ක් පවත්වා ඇත.

කොළඹ විශ්ව විද්‍යාලය, නාරා ආයතනය සමග සහයෝගීතාවයෙන්, ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 06 ක් ආවරණය කරමින් ප්‍රතිලාභීන් 132 නෙකු සඳහා වැඩමුළු 06 ක් පවත්වා ඇත. කෙසෙල් වගාව, කෙසෙල් චිප්ස්, කෙසෙල් ජෑම්, කෙසෙල් පිටි ආශ්‍රීත රසකැවිලි සෑදීම පිළිබඳ වැඩමුළු පැවැත්වීම අනෙකුත් වැඩසටහන් අතර වේ.

දිවය‍ිනේ සියළුම කිතුල් වගා කරන දිස්ත්‍රික්කයන්හි, සීඝ්‍රයෙන් ජනප්‍රිය වන නව කිතුල් මැදීමේ තාක්ෂණය පිළිබඳ පුහුණු වැඩසටහන් විදාතා වැඩසටහන් සමග සංවිධානය කරනු ලබයි. මේ වන විට විවිධ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගණනාවක් ආවරණය කරමින් වැඩමුළු 78 ක් පවත්වනු ලැබ අතර මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ව්‍යවසායකයින් 107 දෙනෙකුට තාක්ෂණය ලබා දුනි.

කිතුල් හකුරු සැකසීමේ ගම්මාන සඳහා විශේෂ ව්‍යාපෘතියක් වශයෙන් මෙම කිතුල් මැදීමේ නව තාක්ෂණය හඳුන්වාදී ඇත.

ග්‍රාමීය ප්‍රදේශ වලට තාක්ෂණ පැවරීමේ වැඩසටහන් තුලින් ව්‍යවසායකයින් 247 ක් ප්‍රතිලාභ ලද බව විද්‍යා හා තාක්ෂණ නිලධාරීන් වාර්තා කර ඇත.



Hits on this page- 19897                     Last Modified - 09/12/